අප ඔබට නිකුත් කරන්නෙ වසුක්කා ප්‍රභේදය අයත් එනසාල් ශාක වේ.
පැල සිටවිමේදි පරිනත ශාකයකින් ගලවා ඉවත් කරන ලද මාස 6 කට වැඩි වයස පැලයක් විය යුතුය.
ඒසේ නොමැති නම් තවාන් මාධ්‍යතුල ලොකු කරන තනි පදුරක් විය යුතුය.
අනිවාර්යයෙන් නිරෝගිමත් රයිසෝමයක් සහිත වීම වැදගත් වේ.
අවම පැලයක් අතර දුර ප්‍රමාණය අඩි 6 ක් විය යුතු අතර
පැල සිටවා ගැනිමේදි කොම්පෝස්ට් කොහුබත් මිශ්‍රණ සකසා අඩි දෙකක වට ප්‍රමාණයක් හොදින් පස බුරුල් කර ගත යුතුය.
පසුව එම බුරුල් පසට ඉහත කී මිශ්‍රණ එකතු කර නැවත සලසා ගත යුතු අතර ඉන් පසුව අප තෝරා ගත් Asian plants එනසාල් වසුක්කා ප්‍රභේදයට අයත් එනසාල් පැලය රයිසෝමය යට වන පරිද්දෙන් සිටවා ගත යුතු වේ.
ඉන් පසුව වතුර සැපයිම කල යුතුය.
වඩාත් හොදින් වර්ධනය වීම සදහා මසකට වරක් කොම්පෝස්ට් යෙදිමද එප්පාවල පොස්පෙට් හා යූරියා මිශ්‍ර කර කුඩා ප්‍රමාණයක් සැපයිමද අවශ්‍යයනම් කල හැකිය.
එමෙන්ම වර්ධක හෝමන වන Alberts solutions ස්ප්‍රේ කිරිම හා අධි පොස්පරස් මිශ්‍රණයක් වන plants starter යෙදිම මගින් ඔබට ඉතා ඉක්මනින් මෙම එනසාල් පදුර වර්ධනය කර ගත හැක.
හොදින් වැඩුණු පදුරකින් වසරකට දෙවතාවක් අවම වශයෙන් අමු කිලෝ 10 සිට අස්වැන්න ලබා ගැනිමට හැකියාව තිබිය යුතුය .
වියලි කලාපයේ උවත් එනසාල් වසුක්කා ප්‍රභේදය සිටවිමට හැකි අතර අධික රස්නයනම් මුල් කාලයේ පොල් අතු ආවරණයක් දැමිම සුදුසු වේ.
NiShI Gunasekara 0772336430
#එනසාල් ගැන ඇත්ත කතාවත් හැදින්වීමත් බලන්න මේ පෝස්ට් එකේ තියෙනවා...
පැලඔනි තරම් තියෙනවා අපේ Asian plants ෆාම් එකේ.
#සෑම බූහස්පතින්දාකම පැල දානවා ඔයාලට මේ පදුරු වලින් එක් නිරෝගිමත් පරිනත මවි ශාකයක් වෙන්නෙ 125/-ක් පමණි.
#කරල් සමග නිරෝගිමත් පරිනත එනසාල් තනි පදුර රුපියල් 250/- ක් පමණි.
පැකටි කර නව කොළ දැමූ පැල රැ350/- තවානෙන් මිලදී ගත හැක.
#පැල සිටවිමේදි කැප්ටාන් හෝ තිරාම් දිලීර නාශක දියරවල ගිල්වා සිටවිය යුතුය.
පැල 100 ට වඩා එන ඔඩර් සදහා කුරියර් පහසුකම් නොමිලේ.පොහොරද නොමිලේ ලබා දෙනු ඇත.
පැය 24 තුල ඔබේ පැල ඔඩර් ඔබ ලබා දුන් ලිපිනයට ලැබෙනු ඇත.
Delivery on cash පහසුකම් 2016 09.25 සිට නවතා ඇත.
ඇත්තටම ගෙදර එනසාල් පදුරක් හරි ඔයාලා වවාගන්න. හරිම අලංකාරයක් වගේම ලොකු ආර්ථික වටිනාකමකින් යුතු භෝගයක් තමයි මේ එනසාල් කරදමුංගු කියන්නෙ.
#එනසාල් වගාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.
එනසාල් (eliterya cardomom) යනු ඉගුරු කුලයට අයත් රයිසෝමයක් සහිත ලොව වටිනාකමින් තෙවන ස්ථානය පත් වන රස ලොවේ රස වතිය ලෙස අන්වර්ථ නාමයෙන් හදුන්වන කුළුබඩු වර්ගය වේ.
ලෝක නිෂ්පාදනයෙන් අපේ රට 1% ක් පමණ නිෂ්පාදනය කරන අතර අප රටේ එනසාල් වලට ලෝක වෙළදපලේ හොද මිලක් හා Sri lankan beautiful cardomom ලෙස නාමයක් ලැබි ඇත ඒ අපේ ගොවින් ඉතාමත් අලංකාර කොළපාටකින් යුතුව වියලා සකස් කරන නිසාවෙනි.
ලොව වැඩිම නිෂ්පාදනය ඉන්දියාව වන අතර වැඩිම පරිභෝජනය සවුදි අරාබිය හා අනෙකුත් මැද පෙරදිග රටවල් වේ. බටහිර රටවල්ද පරිභෝජනය කරන අතර රස කාරකයක් ලෙස ගෘහණියකගේ සිට තරු පහේ අවන්හල් වලට නැතිවම බැරි කුළුබඩු වර්ගය වේ.
දැනට ලංකාවේ එනසාල් මිල රුපියල් 15,000 සිට පවතින අතර දැනට වැඩිම මිල ලෙස රුපියල් 22,000 ක් දක්වා ඉහල ගොස් තිබේ නමුත් මිල උච්චාවචනයද වීමට හැකිය.
ශ්‍රිලංකාවේ එනසාල් ප්‍රභේද තුනක් ඇති අතර මේ සෑම ප්‍රභේදයක්ම ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ ප්රභේදයන් වේ. නමුත් දැන් ලංකාවේ සියලුම ප්‍රදේශයන්හි ව්‍යාප්ත වී ඇත. විශේෂයෙන් මධ්‍යම මුල් කරගෙන තෙත් කලාපයේ අතරමැදි කලාප වල සාර්ථක ලෙස වගා කර හැක.
ලංකාවේ දැකිය හැකි ප්‍රභේද තුන වන්නේ
මලබාර් ප්‍රභේදය ( පොළවේ බිම් මට්ටමේ තිරස් ආකාරයට කරල් හට ගනි )
මයිසූර් ප්‍රභේදය (පොළවේ සිට සිරස් ආකාරයට කරල් හට ගනි)
වසුක්කා ප්‍රභේදය වේ (අංශය 45 ආනතියට ගොස් පොළව මතු පිටට තිරස්ව කරල් හට ගනි)
මකුළු ලොම් පස ඉතාමත් සුදුසු අතර සෙවන ප්‍රියකරන ශාකයක් වේ.
වියලි කලාපයේද දැන් එනසාල් වගාවන් දැකිය හැක. ඔබට වියලි කලාපයේ එනසාල් වගාවන් ලෙස අන්තර්ජාලයට පිවිසිමෙන් අන් අයගේ නොහැකියාවෙන් මිදිමට හැක. සමහර අය කියන දෙයක් තමයි පදුර විතරයි කරල් නෑ කියලා එක්කෝ පොඩ්ඩයි හැදෙන්නෙ කියලා ඇත්තටම ඒකට තමයි කෘෂි පළදායි තාක්ෂණය තියෙන්නෙ. Plants statar captan 3 in one හා කාබනික උක් සකුරු දියර පොහොර ආදියෙන් එන්සාල් පදුර වගේම හොද පළදාවක් ගත හැක.
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා අනිවාර්යයෙන් පැලය කුමණ දේශගුණික සාධක මැද හිටෙවුවටත් මුල් කාලයේ ජලය සැපයිම හා සෙවන සැපයිම කළ යුතුය. එහෙම කියලා අධික හිරු එලිය වැටෙන ස්ථාන වල සිටවන්න එපා.
පැල සිටවන්න ඔනි කොහොමද අපි අඩි 6 ක් වත් දුර තියෙන්න ඔනි පෝච්චි වලනම් සිටවිමට අපහසුයි අනික රයිසෝමයක් නිසා දීලිර නාෂක වල ගිල්වා තබා සිටවිම කල යුතුය කැප්ටාන් හෝ #පවර්සෝල් තීරාම් හොදයි එහි සදහන් අනුපාතයට #කැප්ටාන් හෝ #පවර්සෝල් තීරාම් වතුර බේසමක දියකරලා ගිලවලා තබා සිටවන්න.
හරි ඉතින් හිටවද්දි මොනවාද දාන්න ඔනි පොහොර කොහොමද කරන්නේ ඇත්තටම සරලයි මොකද අපි වගාකරුවන් නිසා පොතේ දැනුමෙන් වගා කරන අයට වඩා වඩා ප්‍රායෝගික දැනුම අපට තියෙනවා හොදට පස බුරුල් කරලා කොම්පොස්ට් දාලා රයිසෝමය සම්පූර්ණයෙන් යට නොකර හිටවන්න. හැකිනම් පොල්ලෙලි අල්ලන්න ඒක හොදයි ගසේ තෙතමනයට හා ශීතලට මම ඇත්තටම මේක හොද ආදායමක් වගේම වානිජමය වශයෙන් වගා කර හැකි භෝගයක්.
සතුන් හානිකරනවාද පළිබෝධ හැදෙනවාද මේකට නෑ කියන්න බැනේ අපිට අනිවාර්යයෙන් ඔව් වල් ඌරා ආදි සතුන් තමයි ඉතින් වැඩි වශයෙන් හානි කරන්නෙ ඒ වගේම ගසේ සනීපාරක්ෂාව නැත්නම් ගසේ රයිසෝම කුණුවෙලා වියලි අතු ඉති වැටිලා කෘමිසතුන් හැදෙන්න පුලුවන්.
ඇත්තට අපි බෑ අපේ පැත්තේ ඔවා බෑ කියන මිත්‍යාවෙන් මිදෙන්න ඔනි අනිවාර්යයෙන් අපි එක පදුරක් හරි හිටවගත්තොත් ඔබට මෙන් ඉදිරියේදි රටටත් හොද ආර්ථික ප්‍රථිලාබ අත් විදින්න පුලුවන් නේද ?
මම හිතනවා ඔබ මෙම ලිපියෙන් වැටහිමක් ගන්න ඇති කියලා ඇත්තටම අපිට අපේ වගාවෙන් ඔබට අවශ්‍ය ඔනෑම එනසාල් පරිනත පැල ප්‍රමාණයක් ලබා දිය හැක.
දෙයක් කියන්නම් රෑ 8 න් පස්සේ කෝල් ගන්න එපා මොකද අපිත් වැඩ කරලා මහන්සිවෙලා රිලැක්ස් එකේ ඉන්න ඔනිනේ ඔයාලාට කොල් ගන්න ඔනිනම් උදේ 8.00 සිට සවස 6.00 දක්වා කාළය තියෙනවා.
අනික පැල ඔනිනම් විතරක් කෝල් කරන්න ඇත්තටම කාළය කා දාන්න කෝල් ගන්න එපා අහන දේ කෙටියෙන් අහන්න අනික අහන්න දෙයක් නෑ සේරම විස්තර දාලා තියෙනවා පෝස්ට් එකේ ඔව් ඔව් ඔයාට කිවුවේ
NiShI Gunasekara
0772336430