Japan Araliya

₨. 60

Description

ජපන් අරලිය Rs 60/= -bag size 5.5' -

ලබා දෙන ශාක ඡායාරූප වල ඇති ශාකම වේ

කූරියර් සේවය හරහා ඔබ නිවසටම ගෙන්වා ගන්න.

වැඩි විස්තර සඳහා inbox msg කරන්න 076 2564105

5.5" පැකට්ටුවේ ඇති පැලයක් වෙළදපොලේ Rs100ට අධික මිළක්‌ වන අතර අප මෙය ඔබ හට Rs 60 ක තොග මිලකට ලබා දෙන බව සතුටෙන් දන්වා සිටින්නෙමු.

සිටවන ආකාරය-

හොදින් හිරු එලිය වැටෙන ස්ථානයක ඔබේ ශාකය පැමිණෙන පොලි බෑගය මෙන් දෙගුණයක් පළල හා ගැඹුරු වළක් හාරන්න.ඔබේ ඉහළ පස සමඟ කොම්පෝස්ට් මිශ්‍ර කරන්න. ලිහිල් කළ පසෙහි සිටුවන්න.

ජපන් අරලිය ශාකය අප්රිකාවට ආවේණික පඳුරක් වන අතර ඇය අප රට තුළ වියළි කලාපීය ගෙමිදුල් වල බහුලව අලංකාර කරන අතර බලන්නන් දෙපාරක් හරි බලන අන්දමට නෙත් පැහැර ගැනීමට තරම් ආකර්ශනයක් සහිත ශාකයකි. මෙම ශාකය ශ්රී ලංකාවේ ජපානයේ ආඩම්බරය (Pride of Japan) හෝ ජපන් ෆ්රැන්ගිපානි (japanese frangipani) ලෙස ජනප්රිය විය. (සිංහල භාෂාවෙන් එය ජපන් අරාලියා ලෙස හැඳින්වේ). මෙයට හේතුව ඇය ජපානයේ බොන්සායි කලාවේ බහුලව භාවිතා වන ශාක වලින් එකක් වීමය. කොළ සර්පිලාකාරව සකස් වී ඇති අතර එහි පුෂ්ප පෙති පහක් සහිත ගැඹුරු රෝස, සුදුමැලි රෝස හෝ රෝස සහ කහ මිශ් සහිත මල් සහිත ශක්තිමත් ඉදිමුණු කඳන් සහිත ශාකයකි. එය උසින් මීටර් 1 (අඩි 3.3–9.8) දක්වා වර්ධනය විය හැකිය,

සරලවම පැවසුවොත් මැය බලන්නන්ගේ නෙත් සිත් වසග කර ගැනීමට සමත් තරමක් විස සහිත කිරි ඇති අහංකාර සදාහරිත හෝ නියඟ-පතනශීලී සාරවත් පඳුරකි. ඒ නිසාම වෙන්න ඇති ඇය ජපානයේ බොන්සායි කළාවේ රැජිනක් ලෙස කිරුළු දරන්නේ.

ඇය Sabi Star, kudu, Mock Azalea, Impala Llily සහ Desert Rose යන නම් වලින්ද පෙනී සිටින අතර මෙහි විද්යත්මක නාමය Adenium Obesum වේ. ජපන් අරලිය අධි වියළි කලාපයේ, සහරාට දකුණින් (මොරිටේනියාවේ සහ සෙනෙගල් සිට සුඩානය දක්වා) සහ නිවර්තන සහ උපනිවර්තන නැගෙනහිර සහ දකුණු අප්රිකාව සහ අරාබිය යන වියළි කලාපයට අයත් සපුෂ්ප ශාක විශේෂයකි. ඒ නිසාම වෙන්න ඇති ඇය කාන්තාර රෝස Desert Rose ලෙස නම් දරා ඇත්තේ.

අතරව රෝස මලත් නටුවෙ කටු සේම මෙම ගසෙන් නිපදවන යුෂ අප්රිකානු ගෝත්රිකයන් විසින් ‘ඊතල විෂ’ ලෙස භාවිතා කරන ලදී. මෙම ශාකයේ කොටස් ආහාරයට ගැනීමෙන් හෘද ස්පන්දන වේගය අඩු වීම, අඩු රුධිර පීඩනය, කරකැවිල්ල සහ පාචනය ඇති වේ. කෙසේ වෙතත් ඇයගේ රුධිරයෙහි ඇති විස පරයා නැගෙන ඇගේ චමත්කාරය අප මිහිතලය විචිත්රවත් කරන නිසා ඇය අපරට තුළ මෙන්ම බොන්සායි කලාව තුළ බහුලව භාවිතා වන විසිතුරු මල් පැළයකි.

අවසාන වශයෙන් ඔබේ ජිවිතයට යමක්, ඔබ රෝස පදුරේ කටු දකින පුද්ගලයෙකුද? නැතිනම් කටු පදුරේ රෝස දකින පුද්ගලයෙක්ද?

ඔබ කටු පදුරේ රෝස දකින්නට පුරුද්දක් ඇතිනම් ඔබට කියන්න සතුටුයි අනිවාර්යෙන් ඔබ Positive thinking ඇති පුද්ගලයෙකි. මෙසේ ලෝකය දෙස බලන ඔබ ඔබට එන අභියෝග වල උස, පළල, දිග හා අවදානම පිළිබදව මනා අවබෝධයකින් සන්නද්ධව ජයඩ්රහනය කරා යන ගමනේ පළමු පියවර තැබීමට පැකිලෙන පුද්ගලයෙකු නොවේ ??. එසේම මල් පැළ මිළදී ගැනීමට පමණක් නොව විශ්මයජනක අසීමාන්තික ශාක ලොවේ තොරතුරු සොයන්නන් සහ සොබාදහම් අසිරියෙන් උමතුවට පත් ඔබ හට නිවැරදි තොරතුරු ලබා ගැනීමට හා ඒ පිළි බදව විවුර්ත සංවාදයන්ට අප හා එක් විය හැක.

760