ඔබට අවශ්‍ය සියළුම පැල වර්ග දැන් නොමිලේම ගෙදරටම ගෙන්වා ගැනීමට
අමතන්න 0740083699
Eco solution
විශාඛා මාවත
බණ්ඩාරවෙල
වද කහ
ඉතා හොඳ විෂබීජ නාශකයක් හැටියට අපේ පැරැන්නන් විශ්වාස කළ රෝග රැසකට ඔසූවක් හැටියටත් භාවිතයට ගන්නවා ඔබ දන්නවාද?
වද කහ තිත්ත රසින් යූතුයි. උෂ්ණ ගුණය හිමි සැහැල්ලු බැවින් යූතු ඔසූවක් ලෙස හැඳින්වීමට පූළුවන්. ආයූර්වේදයේදී ඔසූවක් ලෙසට යොදාගන්නා වද කහ සෙම. වාතය දුරු කිරීමේ ගුණයද හිමි වෙනවා. මෙය උෂ්ණ කටූක බැවින් යූතු නිසා ආමාශය කැළඹිලි කර වමනය කිරීමේ හැකියාව ඇති වමන කාරක ද්‍රව්‍යක් ලෙසද හඳුන්වනවා .
එමෙන්ම වද කහ වලට ගර්භාෂය සංකෝචනය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම දහදිය ඇතිකරවීමේ හැකියාවත් මෙය සතුව පවතිනවා.
සිරුරේ ඉදිමූව, වේදනා පහකිරීමේ දක්ෂතාවය ඇති වදකහවලින් හිත සන්සූන් කිරීම හා මනස නිරවූල් කිරීමේ හපන්කමත් තියෙන බව ඔබ දන්නවාද?
උන්මාද රෝගය, අපස්මාර රෝගය, බඩපිපූව, හා මළ පහ පිටකිරීමේ පහසූව වදකහ වල තිබෙනවා. ඒ වගේම මේදය අධික සිරුරට මේදය අඩූ කිරීමේ ගුණයක් මූත්‍රා ආසාදන ඇති අයම මූත්‍රා පිරිසිදු කිරීමේ ගුණයක් මෙය සතුව පවතිනවා.
වියළි කැස්ස තියෙන අයට අමූකහ කැබැල්ලක් මූඛයේ රඳවා ගැනීම තුළින් කැස්ස බූරුල් කර ගැනීමටද උපකාරි වෙයි.
එලෙසම ඇතැම් මවූවරු කුඩා බිළිඳු දරුවන්ට වද කහ ස්වල්පයක් බීමට දෙනවා. ඒ විෂබීජ නාශකයක් නිසා මෙන්ම බඩ ආසාදන තත්ත්වයන් ගෙන් දරුවා ආරක්ෂා කර ගැනීම සඳහාය. ඔබ නොදන්නවා වූවත් වද කහ බූද්ධිය වර්ධනය ටද උපාකාරි වේ.