Hayleys Betel Fertilizer Mixture 10:09:09 2kg Home Gardening

₨. 875

Description

  • 10:09:09
  • High Quality Fertilizer
  • Size - 2kg

විශේෂ බුලත් පොහොර මිශ්‍රණය :- බුලත් වගාවෙන් නිරන්තරයෙන්ම අස්වැන්න නෙලා ගන්නා නිසා කෙටි කාලයකදී විශාල පෝෂක ප්‍රමාණයක් ක්‍ෂෙත්‍රයෙන් ඉවත් වේ. මෙම පොහොර මිශ්‍රණය, බුලත් වගාව සඳහා අවශ්‍ය පෝෂක ලබාදීමට විශේෂයෙන් නිපදවා ඇති නිසා නිරෝගී වගාවක් පවත්වා ගැනීමටත් වැඩි අස්වැන්නක් ලබාගැනීමටත් උපකාරීවේ.

පොහොර යොදන ආකාරය :-

සෑම සති තුනකට වතාවක් බුලත් ඉණි 100 ක ප්‍රමාණයක් සඳහා මෙම බුලත් පොහොර මිශ්‍රණයෙන් කි.ග්‍රෑ. 1 ක් යොදන්න.

සැලකිය යුතූයි :- පොහොර යෙදීමට පෙර ක්‍ෂෙත්‍රයේ වල් මර්දනය කරන්න. පසෙහි හොඳින් තෙතමනය පවතින විට පමණක් පොහොර යොදන්න. * අධික පොහොර භාවිතය බුලත් වගාවේ රෝග පාත්‍රීතාවය වැඩි කරන නිසා නිර්දේශිත පොහොර ප්‍රමාණය පමණක් නිර්දේශිත කාලයට යොදන්න. . පොහොර මිශ්‍රණය වසුන් ඉවත් කරන ලද පාත්තියේ හොඳින් විසුරුවා හැර අඟලක් පමණ ගැඹුරට මිශ්‍රකරන්න. නැවතත් වසුන යොදා හොඳින් වතුර දමන්න.

4133