All spice plant

  • Horana
  • 1 year ago
  • Views : 263
  • ID : #4090

₨. 2,000

Description

තුනපහ ශාකය

කුළු බඩු කියන්නේ සෑම කෙනෙක්ම පාහේ ආහාර රස කරන්න ගන්න ස්වභාවික රසකාරකයන්.රස විතරක් නෙවෙයි ගුණාත් ඒ වගේමයි. හැබැයි ඔබ මීට කලින් අහලා තියෙනවද කුළු බඩු වෙනුවට එක කොළයකින් කුළුබඩු රසය ගන්න පුළුවන් ශාකයක් ගැන.

 මේ කුළු බඩු ගසේ එක කොළයකින් කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි, සාදික්කා කියන කුළුබඩු හතරේම රස ලබාගන්න පුළුවන්. අපි මේකට තුනපහ ගහ කියලා කිවුව විදේශ රට වල නම් මේක හඳුන්වන්නේ All spice plant කියලයි.

 Pimenta dioica යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන (Myrtaceae) කුලයේ ශාකයක් වන මෙය ඕල්ස්පයිස් (කුළුබඩු සියල්ල), ජැමෙයිකා පෙපර් (ජැමෙයිකානු ගම්මිරිස්), ඉංග්‍රීසි ගම්මිරිස් ඇතුළු තවත් නම් රාශියකින් හඳුන්වනවා.

 ඒ සෑම නමක්ම මෙහි ඇති අපූරු රසායන එකතුව නිසා මෙහි ඵලයටත් කොළවලටත් මල්වලටත් පොත්තටත් ලැබී ඇති සුවඳකාරක ගුණය ඉස්මතු කර පෙන්වනවා.

 මේ ගසේ ඇට වලිනුත්, අතු වලිනුත් පැළකරගන්න පුළුවන්.

 ඉතා සෙමින් වර්ධනය වන මෙම ශාකය මීටර් 10-18 ක් දක්වා පමණ උසට වැවේ.

එහි පිරමීඩාකාර බහු අක්ෂීය පුෂ්ප මංජරිය ඉතා ප්‍රසන්න සුවඳැති කුළු රසය දනවන කුඩා ඵල පොකුරක් බිහි කරනවා.

 එක් ඵලයක ඇට එකක් හෝ දෙකක් තිබිය හැකි අතර මෝරන්නට පෙර නෙලා ගන්නා ඵල අව්වේ වේලා පදම ආ පසුව විකුණන්න වුණත් පුළුවන්.

මෙහි නිජබිම් බටහිර ඉන්දීය කොදෙව්, මෙක්සිකෝව, මධ්‍යම ඇමරිකානු රටවල්, සහ කැරිබියන් දූපත්.

නමුත් මෙය ලොව කොතනක හෝ නිවර්තන දේශගුණය ඇති රටක වැවිය හැකියි.

 සම්පූර්ණ වියළි ඵලය කුඩු කර මේ කුළුබඩුව සාදා ගන්නවා.

 ඉයුජිනෝල් තෙල් වලින් පොහොසත් මෙ ශාකයේ පත්‍ර, මල්, ඵල සහ පොත්තෙන් වුවද එය නිස්සාරණය කරගත හැකියි.

 ඕල්ස්පයිස් යන නාමට ඊට ලැබී ඇත්තේ එහි ඇති කරාබුනැටි, කළු ගම්මිරිස්, සාදික්කා සහ කුරුඳු මිශ්‍ර සුවඳ සහ සැබැවින්ම ඒ සුවඳ ජනනය කරන කුළු රසායන සංයෝග හේතුවෙන්.

 අච්චාරු, සෝස්, මාංශ පදම්කරණ බහලු, කේක්, රසකැවිලි, සොසේජස්, මාළු අච්චාරු, ආදිය රස කිරීමට සහ සුවඳ කිරීමට භාවිත කෙරෙන මේ කුළුබඩුව වයින් වර්ග පදම් කිරීමටත් යොදා ගන්නවා.

 මෙයින් නිපදවෙන තෙල සුවඳ විලවුන් සහ ආලේපන නිපදවීමටත් යොදා ගනු ලබනවා.

 ඉයුජිනෝල් තෙල් දත් කැක්තුම නසන අතර ආහාර ජීර්ණය උත්තේජනය කරයි.

 මෙම ශාකයේ අතු කොළ වේලා තුන පහ කොටන යොදා ගනු ලබනවා.මෙම කොළ වේල‍ා ගත්විට නියම තුනපහ සුවද හා රස ලබා ගන්න පුළුවන්.

( උපුටා ගැනීමකි )

 පැලයක මිල රු : 2000/=

පාරිභෝගික අපහසුතා මඟහරවා ගැනීමට

දැනුම්දී පැමිණීමට කාරුණික වන්න .

අඩුම මිල ,

හොදම පැල

4090