කරවල කැබිල්ල (Bignay/ Currant tree)

  • Horana
  • 2 years ago
  • Views : 222
  • ID : #3918

₨. 250

Description

මිල පහතින් දක්වා ඇත

කරවල කැබිල්ල (Bignay/ Currant tree)

Order : Euphorbiales

Family : Euphorbiaceae

Genus : Antidesma L.

Species : Antidesma bunius (L.) Spreng.

දේශීයව විශේෂයෙන් තෙත් කලාපය ආශ්‍රිතව කුඩා වන ලැහැබ් වල දේශීය කරවල කැබිල්ල ස්වාභාවිකව වැවෙනු දක්නට ලැබෙන අතර මේවාට කැබිල්ල, ඇඹිල්ල ආදී ලෙස සාමාන්‍යයද ව්‍යවහාරයේදී භාවිතා කරනු ලබයි. මෙම දේශීය විශේෂයන්හි ගෙඩි කුඩා වන අතර විදේශීය රටවලින් හඳුන්වා දී ඇති විශේෂයන්හි ගෙඩි වඩා විශාල වේ. මෙම ගෙඩියක බර ග්‍රෑම් 0.45 – 0.59 ක් පමණ වන අතර කරවල කැබිල්ල ගෙඩි ගෝලාකාර හැඩැතිය. කුඩා අවධියේදී මේරීමට පෙර මේවා කොළ පැහැතිය.

පොකුරක සාමාන්‍යයෙන් ගෙඩි 40-70 ක් පමණ හටගන්නා කරවල කැබිල්ල පොකුරක ගෙඩි පැසෙන අවධිය වන විට කොළ, රෝස, රතු හා තද දම් පාට ආදී විවිධ දීප්තිමත් වර්ණයන්ගෙන් යුතු විවිධ අවස්ථා වල ගෙඩි වලිින් සමන්විත වේ. මේ නිසා මෙම අවධියේදී වර්ණවත් කරවල කැබිල්ල ශාකය ඉතා දර්ශණීය වේ. හොදින් ඉදුණු කරවල කැබිල්ල මිහිරි රසැතිය. පැසුණු ගෙඩි ඇඹුල් හා පැණි රස මිශ්‍ර වන අතර, නොපැසණු ගෙඩි කහට රසැතිය.

ලේයර් පැලයක මිල රු : 250/=

වැඩි දුර විස්තර සදහා ( whatsapp )

3918