Ginger( ඉගුරු )

  • Angoda
  • 3 years ago
  • Views : 1778
  • ID : #1546

₨. 290

Description

රුපියල් 290ක් වියදම් කරල, අමතර ආදායමක් සහ අවුරුද්දටම ගෙදරට අවශ්‍ය ඉගුරු හදා ගන්න කැමතිද.

___________________________________________

සාමාන්‍ය ක්‍රම යටතේ වගා කිරීමේදී ඉගුරු ඵලදාව 1:10 - 1:15 අතර වෙයි. නමුත් පොලිසැක් මලු/ ඉවතලන හාල් මලු වල නිවැරදි කෘෂි තාක්ෂණය යොදාගෙන ඉගුරු වගා කිරීම මගින් 1:50 වැනි ඉහල අස්වැන්නක් ලබාගත හැකි බව ඔබ දැන සිටියාද. එනම් එක බීජ කිලෝවක් වගා කිරීමෙන්, කිලෝ 50ක අස්වැන්නක් ලබා ගත හැක. ඒ අස්වැන්න මුදල් කලොත් 50kg×200=Rs.10000 ක ආදායමක් ලැබේ. (මෙහිදී ඉගුරු සමාන්‍ය මිල 200 ලෙස ගෙන ඇත. සමහර කාල වලදී මිල අඩුවන අතර,සමහර කාල වලදී මේ මිල ඉතා ඉහල අගයක් ගනී).

ඔබ 10kg වගා කලොත් 10kg×50×200= Rs.100000ක මුදලක් ලබාගත හැක. එලෙසම නඩත්තුව පහසු වීම, එමනිසා වියදම් අවම වීම, අඩු ඉඩකඩක ගෙවත්තේ වුවද වගා කිරීමට හැකි වීම මෙහි ඇති වාසි වේ.

මෙහිදී වැදගත් වන්නේ මෙවැනි පලදාවක් ලබා ගැනීමට නම් බීජ සදහාම සූදානම් කරන ලද නිරෝගී බීජ ඉගුරු තෝරාගැනීම සහ බීජ සිටුවීමේ සිට අස්වනු නෙලන තෙක් පොලිසැක් මලුවල වගා කිරීමේ නිවැරදි තාක්ෂණය භාවිතා කිරීමයි. එයට හේතුව මලු වල වගා කිරීමේ ක්‍රමය; වගා මාධ්‍ය සකසා ගැනීම, බීජ සිටවීම, පොහොර දැමීමේ සිට සියලු දේවල් සාමාන්‍ය ඉගුරු වගා කිරීමේ ක්‍රමයට වඩා වෙනස් වන නිසා.

මේ සදාහා අප විසින් බීජ සදහාම වගා කරන ලද, ඉතා උසස් තත්වයේ නිරෝගී බීජ ඉගුරුද, පොලිසැක් මලු වල වගාකිරීමේදී වගා මාධ්‍ය සකසා ගැනීමේ සිට අස්වනු නෙලීම තෙක් අවශ්‍ය දැනුම අප විසින් නොමිලේ ලබා දෙයි. බීජ කිලෝ එකක මිල Rs.290. එක බීජ කිලෝ එකකින් මලු 10ක් සකසා ගත හැක. එනම් එක මල්ලක් සදහා යන බීජ පිරිවැය රුපියල් 29ක් වැනි මුදලකි. එලෙසම අප විසින් සපයන බිජ ඉගුරු, දිලීර රෝග සදහා ප්‍රතිකාර කල බීජ වේ. එලෙසම අස්වනු නෙලාගැනීමෙන් පසු අස්වනු විකිනීම සදහා ගැනුම් කරුවන්ද අප විසින් සම්බන්ධ කර දෙනු ලැබේ.

නිකං තියන ගෙවත්තේ ඉඩකඩ මෙවැනි ඵලදායි දෙයක් වෙනුවෙන් වෙන් කර අමතර ආදායමක් ලබා ගන්න උත්සාහ කරන්න.

වැඩි විස්තර සදහා අපගේ පේජයට message එකක් යොමු කරන්න. නැතිනම් කතා කරන්න.

0768337379-කෙම්බිම

#ඉගුරු_වගාව #ඉගුරු #කෙම්බිම #kembima

1546