දකින්නන්ගේ සිත් පැහැරගන්නා ගෙවතු අලංකරණයට ඉතා සුදුසු කොරකහ
පෙබරවාරි හා මාර්තු යන මාස වල මල් ටගන්නා කොරකහ ශාකය ඉන්දියාව, අන්දමන් දූපත්, ශ්‍රීලංකාව යන රටවල් ව්‍යාප්තව පවතින් කුඩා ප්‍රමාණයේ ශාකයකි. මෙහි අතු සහ අනිකුත් කොටස් ඉතා ශක්තිමත් අතර අතීතයේ යකඩ නිෂ්පාදනය සඳහා ඉන්ධනයක් ලෙස යොදාගෙන ඇති අතර Ironwood ලෙස ද මෙය සමහර තැන්වල හදුන්වා ඇත.
Memecylon කුලයට අයිති තව ප්‍රභේද 350 – 400 ක ප්‍රමාණයක් ඇති අතර මේවා අප්‍රිකානු, මැඩගස්කර්,ඉන්දියාව, මැලේසියාව, ශ්‍රීලංකාව ආදි තැන්හි වියාප්තව හිබේ ඒවා සමහරක් පදුරු ලෙසත්, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ශාක ලෙසත් ප්‍රභේද වී තිබේ. Memecylon කුලයේ ශාක වර්ග වල දැව කල්පවහින අතර සමහරක් ප්‍රභේද දාහකයන් ලෙසත් අඟුරු නිෂ්පාදනයටත් යොදා ගනී.
Memecylon umbellatum විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන කොරකහ ශාකයේ කොලවල කහ පැහැති වර්ණකයක් පවතින නිසා බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සිවුරු පඬු පෙවීමට භාවිතා කර තිබේ. එමෙන්ම දුම්බර පැදුරු පාට කිරීමටත් කොරකහ යොදාගෙන තිබේ.
මෙහි කොල ගොනෝරියාව හා ලුකෝරියාව, පොතු තැලීම වලට ප්‍රතිකාර කිරීමටත් යොදාගනු ලබයි. එසේම මල් අක්ෂි රෝග සඳහාත් මුල් වලින් සාදාගත් කශාය ඔසප් වේදනා හා ඔසප් චක්‍රයේ වෙනස්වීම් වලට ප්‍රතිකාර කිරීමට ද යොදා ගනී.
A perfect for garden decoration that will catch the viewers.
The Korakaha plant that grows flowers in the month of February and March is a small-sized plant across India, Andaman Islands and Sri Lanka. The branches and other parts here are very strong and have been used as fuel for the production of iron in the past and also known as Ironwood in some places.
There are 350-400 variations belonging to the Memecylon clan, which are divided into some of the Hibes, small and medium sized plants across Africa, Madagascar, India, Malaysia, Sri Lanka. Memecylon clan plants have been derailed while some are used as varieties and grain production.
Memecylon umbellatum, known as the scientific name, the leaves of the Korakaha plant have a yellow color, so the Buddhist monks have been used to feed the cobra. Also used a porch to color the smoker.
#korakaha